ජලභීතිකා දිනය වෙනුවෙන් සුනඛයන් සහ බළලුන් සඳහා නොමිලේ එන්නත්කරණය
28 September 2026
ජලභීතිකා දිනය වෙනුවෙන් සුනඛයන් සහ බළලුන් සඳහා නොමිලේ එන්නත්කරණය
28 September 2026
ජලභීතිකා දිනය නිමිත්තෙන් නිවෙස්වල සුරතලයට ඇතිකරන සුනඛයින්ට සහ බළලුන්ට නොමිලේ ජලභීතිකා එන්නත එන්නත් කිරිමේ වැඩසටහනක් අද (28) දින හැටන් නගරයේදි සිදු කෙරිණ.
ලෝක ජලභීතිකා දිනය අද දිනට යෙදී තිබිම නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රී පශු වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් මහතා විසින් ඔහුගේ සත්ව සායනයේදි නොමිලේ එන්නත් කිරිම සිදු කෙරිණ.
මෙම නොමිලේ සුනඛයින්ට සහ බළලුන්ට එන්නත් කිරිමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

