brand logo
logo
තුර්කියේ කම්හලක පිපිරීමකින් 17දෙනෙකු ජීවිතක්ෂයට

තුර්කියේ කම්හලක පිපිරීමකින් 17දෙනෙකු ජීවිතක්ෂයට

10 November 2026


තුර්කියේ ඉස්මීර් වරාය නගරය අසල පිහිටි යකඩ සහ වානේ කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.


මෙම අනතුර සිදුවී ඇත්තේ තුර්කියේ ප්‍රධාන වානේ නිෂ්පාදකයෙකු වන අලියාගා හි පිහිටි 'හබාස් ඩිමීර් සෙලික්' කම්හලේදීය.


මියගොස් සහ තුවාල ලබා ඇත්තේ එම කම්හලේ සේවය කළ සේවකයින් පිරිසකි.


කම්හලේ විදුලි උදුනක නඩත්තු කටයුතු සිදු කරමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත.

 

More News..