වෛද්‍ය සිසුවියකගේ නිරුවත් රූප පිට කළැයි ටයිල් සේවකයා රිමාන්ඩ්
18 February 2026 | ඉෂාර රත්නකාර
වෛද්‍ය සිසුවියකගේ නිරුවත් රූප පිට කළැයි ටයිල් සේවකයා රිමාන්ඩ්
18 February 2026 | ඉෂාර රත්නකාර
චීනයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරණ සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ටෙලිග්‍රෑම් (Telegram) සමූහයක ප්‍රචාරය කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් ටයිල් නිෂ්පාදන සමාගමක සේවකයකු ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම ඊයේ (17 වැනිදා) නියෝග කළේය.
මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි තරුණියක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත අත්අඩගුවට ගත් සැකකරුවකු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පැමිණිලිකාර තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සූක්ෂම අයුරින් ලබාගෙන ඇති සැකකරු, එම ඡායාරූප සහ වීඩියෝ ටෙලිග්‍රෑම් සමූහයක ප්‍රචාරය කර තිබෙන බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එම ටෙලිග්‍රෑම් සමූහයේ සාමාජිකයන් 8000 ක් පමණ සිටින බවද අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

