brand logo
logo
 ශ්‍රී ලංකාව ලොව වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානයට

ශ්‍රී ලංකාව ලොව වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානයට

28 July 2026


ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


2026 වර්ෂයේ ආයෝජක සබදතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට මෙම පිළිගැනීම හිමිව ඇති බව වාර්තා වේ.


අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව ඇත.


එහි පළමු ස්ථානය වියට්නාමයට ද, දෙවන ස්ථානය බෙලීස් රාජ්‍යයට ද, තෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයට ද හිමිව ඇති බව වාර්තා වේ.


ණය විනිවිදභාවය සහ අයෝජන සබදතා යන අංශවල වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වන විට වාර්තා කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙයි.


ණය විනිවිදභාවය සඳහා නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත්ව තිබේ.


 

More News..