මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට තිබූ හෙරොයින් කිලෝ 71ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
19 November 2026
මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට තිබූ හෙරොයින් කිලෝ 71ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
19 November 2026
ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් රහසිගතව රැගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් කිලෝග්‍රෑම් 71.24ක තොගයක් ඉන්දියාවේ චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවය.
ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (17) සහ පෙරේදා (18) යන දිනවල චෙන්නායිහිදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකටයුතු මෝටර් රථයක් සහ එය සමඟ ගමන් කළ යතුරුපැදියක් පරීක්ෂා කර ඇති අතර, එහි තිබී සුදු පැහැයට හුරු කුඩු සහිත පැකට් 69ක් සොයාගෙන ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ චෙන්නායි සංක්‍රමණ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරමින් තිරුචි හරහා මුහුදු මාර්ගයෙන් මෙම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබූ බවයි.
මෙම වසරේ ඉන්දියාව තුළ වාර්තා වූ විශාලතම තනි හෙරොයින් වැටලීම්වලින් එකක් ලෙස ද මෙම අත්අඩංගුවට ගැනීම සැලකෙන බව ඉන්දීය මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.


