ඉන්දියාවට ලකුණු 93ක ජයක්
12 February 2026
ඉන්දියාවට ලකුණු 93ක ජයක්
12 February 2026
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර අද (12) පැවති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 209ක් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 116ක් පමණි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 93ක ජයක් හිමිවිය.

