‘හස්ති සේනා’ මෙහෙයුමෙන් ගිනි අවියක්, හක්කපටස් සහ මදු රැසක් සොයා ගනී
16 November 2026
‘හස්ති සේනා’ මෙහෙයුමෙන් ගිනි අවියක්, හක්කපටස් සහ මදු රැසක් සොයා ගනී
16 November 2026
එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක්, හක්කපටස්, පතොරම් සහ වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා මදු රැසක් සොයා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
ඒ, වන අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වන සතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමට සමගාමීව මහකනදරාව ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.
මහකනදරාව, මරදන්කල්ල, කරඩික්කුලම, මහකිරින්දේගම, මිහින්තලය අභයභූමිය සහ පුංචිකුලම යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මහජන ආදරයට පාත්‍ර වූ ‘අග්බෝ’හස්තියා ඇතුළු වන අලි ඇතුන් රැසක් නිරන්තරයෙන් සැරිසරන මෙම කලාපය, වනජීවී අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබේ.
වන අලි ඇතුන් ඇතුළු සමස්ත වනජීවී සම්පතේ ආරක්ෂාව තහවුරු කිරීම, නීතිවිරෝධී දඩයම් මැඬපැවැත්වීම සහ වනජීවී අපරාධ අවම කිරීම ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වේ.


