පොලිස් නිල සුනඛ අංශයට නෙදර්ලන්තයෙන් සුනඛයන් 40 දෙනෙකු රැගෙන එයි
29 November 2026
පොලිස් නිල සුනඛ අංශයට නෙදර්ලන්තයෙන් සුනඛයන් 40 දෙනෙකු රැගෙන එයි
29 November 2026
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කොට්ඨාසය වෙත පුහුණු කර රාජකාරි සඳහා යෙදවීම වෙනුවෙන් නෙදර්ලන්තයේ සිට සුනඛයන් 40 දෙනෙකු අද (29) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
වයස අවුරුද්දක පමණ සීමාවේ පසුවන 'German Shepherd', 'Labrador', 'Belgian Malinois' සහ 'Beagle' යන වර්ගවලට අයත් සුනඛයන් මෙලෙස දිවයිනට ගෙන්වා ඇත.
ඉදිරියේදී මෙම සුනඛයන් පුපුරන ද්‍රව්‍ය පරීක්ෂාව හා හඳුනාගැනීම, මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම මෙන්ම දිවයින තුළ සිදුවන විවිධ අපරාධ සම්බන්ධයෙන් ඉව ඔස්සේ විමර්ශන පැවැත්වීම වැනි විශේෂිත පුහුණු කටයුතු සඳහා යොමු කිරීමට නියමිතය.
දීර්ඝ කාලයකට පසුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත 'Beagle' වර්ගයේ සුනඛයන් මෙරටට ගෙන්වීම මෙහි ඇති සුවිශේෂීත්වයක් වන අතර, එම සුනඛයන් ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරි සඳහා පුහුණු කිරීමට සැලසුම් කර ඇත.


