brand logo
logo
දිවයින පුරා මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4,289ක්

දිවයින පුරා මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4,289ක්

08 February 2026

ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල 4,000කට අධික නඩු සංඛ්‍යාවක් මේ වන විට පවරා ඇති බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය පවසයි.


1998 අංක 28 දරණ අපරාධ නඩු විධිවිධාන සංශෝධන දන්ඩ නීති සංග්‍රහයට අනුව මෙම නඩු පැවරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,289ක් පවතින බව සඳහන් වේ.


ඉන් නඩු 1,683ක් ජනවාරි මාසයේ කැඳවා තිබූ බව ද ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරයි.


ළමයින්ට අදාළව කරනු ලබන අසභ්‍ය පල කිරීම්, කුට්ටනයට ලක් කිරීම්, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුළියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෘෘරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.


 

More News..