පොපි දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමාට පොපි මලක් පළඳවයි
29 October 2026 | ක්රිෂ්ණා ඩී එදිරිසිංහ-කොළඹ
පොපි දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමාට පොපි මලක් පළඳවයි
29 October 2026 | ක්රිෂ්ණා ඩී එදිරිසිංහ-කොළඹ
ඉදිරියේ පැවැත්වීමට නියමිත පොපි දින සැමරුමට සමගාමීව ශ්රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමය නියෝජනය කරන නියෝජිත පිරිසක් ඊයේ (28) වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න හමුවී යුද්ධ හමුදා දිවි පිදූවන් සිහිපත් කිරීම උදෙසා ශ්රී ලංකා යුද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමයේ පොපි මල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් එල්. එම්. මුදලිගේ (විශ්රාමික) විසින් යුද්ධ හමුදාපතිතුමන්ගේ නිල ඇඳුමේ පොපි මලක් පළඳවන ලදී.
ශ්රී ලංකාව ඇතුළු පොදු රාජ්ය මණ්ඩලීය රටවල් සහ ලොව පුරා වෙනත් ස්ථානවල සිය රාජකාරිය ඉටු කිරීමේදී උත්තරීතර කැපකිරීම සිදු කළ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා සෑම වසරකම නොවැම්බර් මස දෙවන ඉරිදා 'පොපි දිනය' සමරනු ලබන අතර මෙම පොපි මල සිහිවටනයක් මෙන්ම ධෛර්යය උතුම් සේවය සහ පරිත්යාගය සංකේතවත් කරන සලකුණක් ලෙස සැලකේ.
ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්රාමික) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

