LPL මූලික වටයේ අවසන් තරගය අද
02 August 2026
LPL මූලික වටයේ අවසන් තරගය අද
02 August 2026
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඒ, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගයයි.
එම තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත තිබේ.
මෙම තරගාවලියේ මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.
කලම්බෝ කැප්ස් කණ්ඩායම එලිමිනේටර් තරගයට සුදුසුකම් ලබා තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග හෙට දින සිට පැවැත්වීමට නියමිතයි.
එම තරග සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

