වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ හෝටල් දෙකකට දඩ
14 May 2026
වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ හෝටල් දෙකකට දඩ
14 May 2026
මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් දෙකක් විසින් උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් බෝතල් කළ පානීය ජලය අධික මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවන් බවට පත්වූ, එක් හෝටලයකට රුපියල් ලක්ෂ 5 බැගින් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් නියම කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව ඊයේ (13) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිලි මත මාතර දිස්ත්‍රික් කාර්යාලය සිදුකළ වැටලීම්වලදී, අදාළ සංචාරක හෝටල් දෙක නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
පරීක්ෂණවලදී ලීටර් 1ක පානීය ජල බෝතලයක් රුපියල් 100ක උපරිම සිල්ලර මිලට නියම කර තිබියදී රුපියල් 450කට අලෙවි කර තිබූ අතර, මිලිලීටර් 500ක ජල බෝතලයක් රුපියල් 70ක නියමිත මිල වෙනුවට රුපියල් 300කට අලෙවි කර තිබූ බව හෙළිවී තිබේ.

