යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම ගැන අභ්‍යන්තර විමර්ශනයක්
22 November 2026
යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම ගැන අභ්‍යන්තර විමර්ශනයක්
22 November 2026
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම විශ්වවිද්‍යාලය පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිරුනාවුක්කරසු වේල්නම්පි මහතා සඳහන් කළේ, පොලිසිය විසින් සිදුකරන විමර්ශනවලට අමතරව විශ්වවිද්‍යාල පරිපාලනය ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
පසුගිය 19 වැනිදා රාත්‍රී කාලයේදී යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සහ තෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබුණි.
අදාළ ගැටුම විශ්වවිද්‍යාල සිසුන් නවාතැන්ගෙන සිටි පෞද්ගලික නේවාසිකාගාරයක් තුළ සිදුව ඇති අතර, එහිදී සිසුන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව ගැටුමට සම්බන්ධ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අනතුරුව ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මෙම ගැටුමට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළේය.


