brand logo
logo
පොලිසියට නව නිලධාරින් 9,000ක්

පොලිසියට නව නිලධාරින් 9,000ක්

18 January 2025

පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.


මේ වනවිට පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්නයි.


එම නිලධාරින් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනය යන මෙහෙයුම් වල නිරතව සිටී.


ඒ සියලු කටයුතු සිදුකිරීමට දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කළේ ය. 

 

More News..