brand logo
logo
 ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

13 July 2026



වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 80ක සියයට 48ක ජල ධාරිතාවක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු H.M.P.S.D හේරත් මහතා පවසයි. 


ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියේය.


කෙසේවෙතත් යල කන්නයේ වගා කටයුතු මේ වනවිට අවසන් කර ඇති බැවින් පවතින ජල පරිමාව ඒ සඳහා ප්‍රයෝජනවත් වනු ඇති බව ද ඉංජිනේරුවරයා සඳහන් කළේය. 


මේ අතර ජලාශ හරහා පානීය ජල පහසුකම් ලබාගන්නා පිරිස සඳහා ද ප්‍රමාණවත් පරිදි පවතින බව ද H.M.P.S.D හේරත් මහතා අවධාරණය කළේය.


ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වැසි අපේක්ෂාව කරන බැවින් පානීය ජල හිඟයක් ඇති නොවනු ඇති බව ද වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු H.M.P.S.D හේරත් මහතා වැඩිදුරටත් කියාසිටියේය. 

 

More News..