brand logo
logo
භික්ෂු විරෝධය හේතුවෙන් වසා දැමුණු ගාලු පාර යළි විවෘත කෙරේ

භික්ෂු විරෝධය හේතුවෙන් වසා දැමුණු ගාලු පාර යළි විවෘත කෙරේ

16 October 2026

මහා සංඝරත්නයේ විරෝධතාව හේතුවෙන් වසා දැමුණු කොළඹ ගාලු පාර නැවත විවෘත කර තිබේ.


ඊයේ (15) පස්වරුවේ සිට රාත්‍රී කාලය දක්වා ගාලු පාර වසා දැමීමත් සමග කොළඹ මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගත්තේය.


අනතුරුව රාත්‍රීයේ එම මාර්ගය විවෘත කෙරිණි.


අද උදෑසන පොලිසිය විසින් යළිත් වරක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමුවේ විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා ට අධිකරණ නියෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ය.


ඉන් අනතුරු පොලිසිය විසින් නැවත වරක් එම මාර්ගය විවෘත කිරීමට කටයුතු කළේය.

 

More News..