ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
25 July 2026
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
25 July 2026
සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තීරණාත්මක දෙවන තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ඒ, ලකුණු 274ක් වූ ඉලක්කය කඩුලු 02ක් පමණක් ලබා දී හඹාගොස් තරගයේ ජය වාර්තා කරමින්.
හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 273ක් රැස්කර ගැනීමට සමත් විය.
එහිදී සිද්‍රා අමීන් නොදැවී ලකුණු 100ක් රැස්කරමින් ශතකයක් ලබා ගත්හ.
ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා තරගය ජය ගැනීමට ලකුණු 274ක ඉලක්කයක් හිමිවිය.
මනාව පිත්ත හසුරවමින් සිය කණ්ඩායම ඉලක්කය වෙත රැගෙන ගිය ආරම්භක පිතිකාරිනිය වූ විශ්මි ගුණරත්න පන්දු 123කින් ලකුණු 123ක් රැස්කර ගත්තේ සිය එක්දින ශතක මල්ලට තවත් ශතකයක් එකතු කර ගනිමින්.
විශ්මිගේ දැවී යාමෙන් පසු කණ්ඩායමේ කඩුලු බිඳ වැටීමට ඉඩ හසරක් නොදී කණ්ඩයමේ වගකීම සිය දෝතට ගත් හර්ෂිතා සමරවික්‍රම ද නොදැවී ලකුණු 100ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමට තවත් අඟනා ශතකයක් එක් කිරීමට සමත් විය.
ඒ අනුව ලකුණු 274ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා පිළ පන්දුවාර 46යි පන්දු 05ක් තුළ කඩුලු දෙකක් පමණක් ලබා දී එම ඉලක්කය පසුකර යමින් තරගය ජය ගත්හ.
තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගය පාකිස්ථාන කාන්ත කණ්ඩායම ජයගත් අතර, 1 -1 ක් ලෙස කණ්ඩායම් දෙකම මේ වන විට තරග ජයගෙන සිටී.

