යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට
13 June 2026
යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට
13 June 2026
මාතලේ නගරයේදී යතුරු පැදියක්, ගෑස් ප්‍රවාහන ලොරියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් කුඩා දරුවෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, මාතලේ රජ වීදියේ, පොලිස් අධිකාරී කාර්යාල ඉදිරිපිට මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් ගෑස් ප්‍රවාහනය කළ ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

