brand logo
logo
රවී වෛද්‍යාලංකාරට ලක්ෂ 100ක ශරීර ඇප

රවී වෛද්‍යාලංකාරට ලක්ෂ 100ක ශරීර ඇප

15 May 2024

ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ලක්ෂ 100ක ශරීර ඇපයක් මත මුදාහැරීමටත් ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.


ක්‍රිෂ් සමාගමේ මුදල් ආයෝජනය කර ඇති චන්ද්‍රසිරි කොඩිකාර නැමැත්තෙකු විසින් ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය ලබා දී ඇත.


ඉන්දීය ක්‍රිෂ් සමාගමට කොළඹ නගරය තුළ ඉඩම් විකිණීම සඳහා රුපියල් මිලියන 70වක අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කර තිබූ පැමිණිල්ලක් විභාගවන සමයේ එහි ප්‍රධානී ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මේ වනවිට මෙරට ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.


රුපියල් මිලියන 70වක අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂටද දැඩි චෝදනා එල්ලවී තිබේ.


මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ලබා ගෙන ඇති බව සඳහන් කරමින්, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහද 2023 දෙසැම්බර් 20 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

More News..