ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි - පොලිසිය
21 April 2026
ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි - පොලිසිය
21 April 2026
කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් තහවුරු කළේ එවැනි සිදුවීමක් වාර්තාවී නොමැති බවය.
කෙසේවෙතත් කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

