සමාජ ආරක්ෂණය හා සවිබල ගැන්වීම උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
සමාජ ආරක්ෂණය හා සවිබල ගැන්වීම උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
සමාජ ආරක්ෂණය හා සවිබල ගැන්වීම උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩයන්ට අස්වැසුම ප්‍රතිලාභ තවදුරටත් ලබා දෙමින් 2027 වසරේ දී අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා රු. බිලියන 230ක් වෙන් කර තිබේ.
වකුගඩු රෝගීන් සඳහා ලබා දෙනු ලබන මාසික දීමනාව රු. 10,000 සිට 12,500 දක්වා රු. 2,500කින් ඉහළට.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රු. 10,000 සිට රු. 12,500 දක්වා රු. 2,500කින් ඉහළට.
ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 25,000ක්.
ආබාධ සහිත දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට රු. මිලියන 200ක්.


