වී කුරුල්ලන් 79 ක් කූඩු කර විකිණීමට ළඟ තබාගත් පුද්ගලයකුට දඩ
12 September 2024
වී කුරුල්ලන් 79 ක් කූඩු කර විකිණීමට ළඟ තබාගත් පුද්ගලයකුට දඩ
12 September 2024
වී කුරුල්ලන් 79 ක් කූඩු කර විකිණීමේ ව්‍යාපාරයක් සිදු කලේ යැයි පැවසෙන පුද්ගලයකුට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් විසි දහසක දඩයක් ගෙවීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය නියෝග කළාය.
ගල්කිස්ස ගාලු පාරේ පවත්වා ගෙන ගිය සුරතල් සතුන් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයක කූඩු කර සිටියදී මෙම වී කුරුල්ලන් සොයා ගැනීමට හැකි වූ බව බෙල්ලන්විල අඩවි ආරක්ෂක සමන් ලියනගම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
කූඩු කර විකිණීමට තබා සිටි වී කුරුල්ලන් 79 දෙනා බෙල්ලන්විල අභය භූමියට මුදා හරින ලෙසට බෙල්ලන්විල අඩවි ආරක්ෂක නිලධාරීන්ට අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.