brand logo
logo
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

10 June 2026

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.


හෙට (11) ප.ව. 03.30 වන තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.


එහි සඳහන් වන්නේ මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු - මැද පළාත් සහ ත්‍රීකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්ව සිටින ලෙසටය.


දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉහත සඳහන් ප්‍රදේශ සඳහා විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන් වේ.


එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළ ඇති විය හැකි බව සඳහන් වේ.


 

More News..