brand logo
logo
 ‘රටම එකට’ මෙහෙයුමෙන් වසරකදී සැකකරුවන් ලක්ෂ 3කට අධික පිරිසක් අත්අඩංගුවට

‘රටම එකට’ මෙහෙයුමෙන් වසරකදී සැකකරුවන් ලක්ෂ 3කට අධික පිරිසක් අත්අඩංගුවට

20 October 2026


රටම එකට ජාතික මෙහෙයුම යටතේ වසර කාලසීමාවක් තුළදී අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ලක්ෂ 3 ඉක්මවා ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


ඒ අනුව සැකකරුවන් 303,017 අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.


අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


අමාත්‍යවරයා පැවසුවේ පසුගිය 2025 වසරේ ඔක්තෝබර් 30 වැනි දින සිට මෙම වසරේ ඔක්තෝබර් 18 වැනි දින දක්වා කාලය තුළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.


එමෙන්ම අදාළ වැටලීම් මගින් හෙරොයින් සම්බන්ධව වැටලීම් 97,074ක් සිදුකර ඇති බවත් එහිදී හෙරොයින් කිලෝ කිලෝග්‍රෑම් 2,485.1ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


එමෙන්ම මෙම කාලය තුළදී අයිස් සම්බන්ධව වැටලීම් 18,710ක් සිදුකර ඇති බවත් එම වැටලීම් මගින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3,302.7ක් පොලිස් භාරයට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.


මෙම වැටලීම් සම්බන්ධව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,


"2025-10-30 සිට 2026-10-18 දක්වා දළ වශයෙන් වසරක් තුළදී රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කළ කාලසීමාව තුළදී හෙරොයින් වැටලීම් 97,074ක් සිදුකරලා තිබෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 2485.1ක් අරන් තියෙනවා. අයිස් වැටලීම් 18,710ක් සිදුකරලා තිබෙනවා අයිස් කිලෝ ග්‍රෑම් 3302.07ක් අත්අඩංගුවට අරන් තියෙනවා. කොකේන් වැටලීම් 261කින් කොකේන් කිලෝග්‍රෑම් 297.1ක්, ගංජා කිලෝග්‍රෑම් 11,146ක් සහ ගංජා පැල මිලියන 16.7ක් අත්අඩංගුවට අරන් තියෙනවා වැටලීම් 65,765ක් තුළ. කුෂ් කිලෝග්‍රෑම් 1723ක්, හෂීස් කිලෝග්‍රෑම් 416ක්, මත්පෙති මිලියන 4.5ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා මේ කුෂ්, හෂීස්, මත්පෙති, මාවා වැනි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් 21,323ක් කරලා තියෙනවා. අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන මේ කාලයේදී 302,218, නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 449, රැඳවුම් නියෝග ලබා ගත් සැකකරුවන් ගණන 3,749, සමස්ත වැටලීම්වල එකතුව 303, 017, පුනරුත්ථාපනයට යොමු කරලා තියෙනවා 2,580ක්.


මේ වසරේ ගතවූ කාලය දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1469, ගංජා කිලෝග්‍රෑම් 7,703, කොකේන් කිලෝග්‍රෑම් 272, හෂීස් කිලෝග්‍රෑම් 857, අයිස් කිලෝග්‍රෑම් 1,649 මේ විදිහට තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ."

 

More News..