කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි
15 September 2026
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි
15 September 2026
රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබන 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
අදාළ පැමිණිල්ල අද (15) දින කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.
මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු වන රන්ජන් සෙනරත් බණ්ඩාර නැමැත්තා විමර්ශනවලට අවශ්‍ය අයකු වීම සහ ඔහු රටින් පලායාමේ අවදානමක් පැවතීම නිසා, ඔහුට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවනු ලැබීය.

