brand logo
logo
කොටහේනේ දී තරුණයෙක්ව ඝාතනය කෙරේ

කොටහේනේ දී තරුණයෙක්ව ඝාතනය කෙරේ

15 September 2026


කොටහේන නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.


ඊයේ (14) දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, කොටහේන පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.


මියගොස් ඇත්තේ, අවුරුදු 18ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  


පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.


සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..