කුළුබඩු ආනයනයට අවසර
10 March 2024
කුළුබඩු ආනයනයට අවසර
10 March 2024
ගම්මිරිස්, ඉඟුරු සහ කහ ඇතුළු කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු සහ කහ ඇතුළු සෙසු කුළු බඩු ආනයනය හා අපනයන පාලක ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කළ හැකි අතර ඒවාට දේශීයව සියයට 35 ක අවම අගයක් එකතු කර ප්‍රතිඅපනයනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.