පොලිස් බලතල හමුදාවටත්
24 September 2026 | සම්පත් දේශප්‍රිය
පොලිස් බලතල හමුදාවටත්
24 September 2026 | සම්පත් දේශප්‍රිය
සැකකරුවකු සෝදිසි කිරීම මෙන්ම සිරභාරයට ගැනීමට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහටය යටතේ පොලිස් නිලධාරින්ට ඇති බලතල සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙරළආරක්ෂක නිලධාරින්ට හිමිවන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩුව විසින් සංශෝධනය කර ඇත.
පොලිස් බලතල මෙතෙක් පැවැති 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කරමින් රජය විසින් ගැසට් කර ඇති ‘‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ මගින් මෙම බලය පැවරීම කර තිබේ.
ත්‍රස්තවාදී ක්‍රියාවන් වැළැක්වීමට වහාම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන තත්ත්වයක් පවතින අවස්ථාවකදී මෙන්ම අදාළ ස්ථානයේ පොලිස් නිලධාරියෙක් නොසිටින එසේම පොලිස් නිලධාරියකුට වහාම පැමිණීම සාධාරණ සහ ප්‍රායෝගික නොවන අවස්ථාවකදී මෙම බලතල භාවිත කළ හැකිය. එසේම මහජන සාමය පවත්වාගෙන යාමේ හෝ නීත්‍යානුකූල අධිකාරියක් යටතේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් කිරීමේ කාර්යය සඳහා යම් ප්‍රදේශයක සන්නද්ධ හමුදා යොදවන අවස්ථාවකදී ඔවුන්ව සෝදිසි කිරීමේ සහ සිරභාරයට ගැනීමේ බලතල ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය.
විශේෂ අවස්ථාවලදී සෝදිසි කිරීම නිසා සිරභාරයට ගැනීමේ බලතල ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය. නමුත් පැය 24 ක කාලයක් තුළ ආසන්නම පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත භාරදිය යුතුය. සන්නද්ධ හමුදා නිලධාරින් විසින් සිරභාරයට ගන්නා ලද සැකකරු ආසන්නම පොලිස් ස්ථාන බාර නිලධාරියා වෙත භාරදීම ප්‍රායෝගික නොවන අවස්ථාවකදී ඊළඟට ආසන්න පොලිස් ස්ථාන භාර නිලධාරියා වෙත භාරදිය යුතුය.

