brand logo
logo
හැටන් නගරයේ වෙළෙඳුන් රවටා මුදල් වංචා කරන ඉන්දියානු ජාතිකයින් පිරිසක් ගැන හෙළිදරව්වක්

හැටන් නගරයේ වෙළෙඳුන් රවටා මුදල් වංචා කරන ඉන්දියානු ජාතිකයින් පිරිසක් ගැන හෙළිදරව්වක්

20 October 2026


හැටන් නගරයට මේ දිනවල පැමිණ සිටින ඉන්දියානු ජාතිකයන් කිහිපදෙනෙකු හැටන් නගරයේ වෙළදසැල් වලට ගොස් එම වෙළදසැල්වල සිටින අයකැමිව රවටා වංචනික ලෙස මුදල් ලබා ගන්නා ජාවාරමක් ක්‍රියාත්මක වන බව හැටන් නගරයේ ව්‍යාපාරිකයින් කියා සිටියි.


වෙළදසැල්වලට පැමිණෙන එම විදේශිකයා වෙළදසැලෙන් භාණ්ඩ ලබාගෙන ඒ සදහා රු.5000ක නෝට්ටුවක් ලබා දී එහි ඉතිරි මුදල් අයකැමි විසින් ලබා දෙන අවස්ථාවේ එම විදේශිකයා තමන් දුන් රු.5000 නෝට්ටුව යලිත් ලබා ගෙන අයකැමිගේ අවධානය වෙනත් දිසාවකට යොමු කර පසුව එම රු.5000 සහ එම රු.5000සේ ඉතිරි මුදල් රැගෙන යන අයුරු එම වෙළදසැල්වල සවි කර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණි.


අයකැමි විසින් මුදල් භාර දීම සදහා මුදල් ගණනය කිරිමේදි රු.5000ක මුදලක් අඩු වී තිබිම හේතුවෙන් එම වෙළදසැලේ ආරක්ෂිත කැමරා දර්ශන පටිගත කිරිමේදි මෙම වංචාව හෙළිදරව් වී ඇත.


හැටන් නගරයේ මෙසේ මුදල් වංචා සහගත ලබා ගන්නා පුද්ගලයා පිලිබද සැලකිලිමත්ව සිටින ලෙස හැටන් නගරයේ වෙළද සංගමය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.



 

More News..