මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 70% දක්වා වට්ටම්
25 March 2026
මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 70% දක්වා වට්ටම්
25 March 2026
මේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදි මහජන බැංකුව, සිය පීපල්ස් ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් හිමියන්ට People’s Cards අවුරුදු මාසයයි DISCOUNTරාශියයි යන තේමාව ඔස්සේ 70% දක්වා ආකර්ෂණීය වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම රැසක් පිරිනමයි.
ඒ අනුව, පිපල්ස් ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට දැන් ප්‍රමුඛ පෙළේ හෝටල් සහ නිවාඩු නිකේතන, ආපනශාලා, සුපිරි වෙළඳසැල්, මෝටර් රථ සේවා ස්ථාන, අන්තර්ජාල වෙළඳසැල්, මෙන්ම ඇඳුම්, සපත්තු, සම් භාණ්ඩ, ගෘහ භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ස්වර්ණාභරණ ආදි පුළුල් පරාසයක විහිදුනු විවිධ වූ භාණ්ඩ හා සේවා සඳහා 70% දක්වා වට්ටම් පිරිනැමේ.
මීට අමතරව තෝරාගත් වෙළඳසල්වලින් මාස 60ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ වාරික සැලසුම්ද ලබාගත හැකිය.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස් මහතා - ‘සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවාසින් එකට එක්ව ප්‍රිතියෙන් සමරන සංස්කෘතික මංගල්‍යයක් බවත්, මෙය උත්සවශ්‍රීයෙන් පිරි කාල වකවානුවක් වුවද, මෙහිදි නිසි මූල්‍ය කළමනාකරණයකින් යුතුව කටයුතු කිරිම වැදගත් බවත්,මහජන බැංකුවේ අරමුණ වන්නේ සිය ගනුදෙනුකරුවන්ට හිතේ නිදහසින් මෙම කාලය සැමරිමට අවස්ථාව සැලසිම බව පැවසිය.
මේ වෙනුවෙන් අප දීමනා සහ ප්‍රතිලාභ රැසක් මෙන්ම සාප්පු සවාරි, සහ නිවාඩු නිකේතන, ආපනශාලා ඇතුඵ විවිධ අංශ ආවරණය වන පරිදි දිමනා ලබාදිමට අපගේ කණ්ඩායම කටයුතු කර ඇති බව වැඩිදුරටත් පැවසිය.
දිවයින පුරා තෝරා ගත් අලෙවිසල් 4000ට අධික ප්‍රමාණයක් තුළින් මහජන බැංකුවේ VISA/Master Card Classic, Gold, Platinum, Signature, Infinite and Master World card පත් හිමියන්ට මෙම වට්ටම් ලබා ගත හැක.
ශ්‍රී ලංකාව පුරා වැඩිම නියෝජිත වෙළඳ ස්ථාන ප්‍රමාණයක පීපල්ස් ඩෙබිට්/ ක්‍රෙඩ්ට් කාඩ්පත් භාවිත කළ හැකි වීමට අමතරව ලොව පුරා මිලියන 30කට වැඩි වෙළඳ ස්ථානවල මෙම කාඩ්පත් භාවිත කළ හැකි නිසා විවිධ රටවල සංචාරය කිරීමේදී වැඩි පහසුවක් සැලසේ. ගනුදෙනුකරුවන්ගේ දත්ත සුරක්ෂිත කරන ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුව බැංකුව කටයුතු කරන නිසා මහජන බැංකු කාඩ්පත් වල ආරක්ෂාව තහවුරුය.
එසේම විදේශ රටවල සංචාරය කරන මහජන බැංකුවේ VISA/MasterCard, Platinum, VISA Signature සහ Infinite/MasterCard World කාඩ්පත් හිමියන්ට මහජන බැංකුව නොමිලේ විදෙස් සංචාරක රක්ෂණාවරණයක් ද පිරිනමයි.
මීට අමතරව, බැංකුවේ ීසටබ්එමරුල උදරකාල Signature, World, Infinite ආදි විශේෂ කාඩ්පත් හිමියන් සඳහා වසරකට නොමිලේ ගුවන්තොටුපල විවේකාගාර පරිහරණය කිරීමේ අවස්ථා දෙකක් අත්විඳිය හැකි අතර, ලොව පුරා 148කට වැඩි රටවල් සංඛ්‍යාවක 1,300කට අධික ගුවන්තොටුපල විවේකාගාර පහසුකම හිමිවේ.
පීපල්ස් ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ්පත් ඔස්සේ උත්සව සමයේ පමණක් නොව මුළු වසර පුරාම අසමසම ප්‍රතිලාභ සහ වැඩි පහසුවක් අත්විඳිය හැක. දිවයින පුරා පිහිටා ඇති 747ක් වූ ශාඛා සහ සේවා මධ්‍යස්ථාන හා ස්වයං බැංකුකරණ ඒකක Self Banking Units ඔස්සේ මෙන්ම People’s Wave Mobile Banking App, People’s Pay Mobile Payment Wallet App, People’s Web ඔස්සේ දිනයේ පැය 24 පුරා ඉතා පහසුවෙන් කාඩ්පතට ගෙවීම් කිරීමේ හැකියාව ඇත.
පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් පිරිනමන මෙම සුවිශේෂ ප්‍රතිලාභ සහ දීමනා අත්විඳින මෙන් මහජන බැංකුව ඔබ සැමට ආරාධනා කර සිටී.

