ඉරානයට එරෙහිව ප්‍රහාරයන් සඳහා බ්‍රිතාන්‍යයේ සෘජු සහාය නැහැ
02 March 2026
ඉරානයට එරෙහිව ප්‍රහාරයන් සඳහා බ්‍රිතාන්‍යයේ සෘජු සහාය නැහැ
02 March 2026
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කරන ආක්‍රමණශීලී ප්‍රහාරයන් සඳහා එක්සත් රාජධානිය සහාය නොදක්වන බව බ්‍රිතාන්‍ය අගමැති කීය ස්ටාමර් අවධාරණය කරයි.
ඉරාන මිසයිල ගබඩා කර ඇති ස්ථානවලදීම හෝ ඒවා දියත් කිරීමට සූදානම් කර ඇති අවස්ථාවේදීම විනාශ කර දැමීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිතා කිරීමට අමෙරිකාව අවසර ඉල්ලා ඇති බව අගමැතිවරයා මෙහිදී අනාවරණය කළේය.
කලාපය පුරා මිසයිල ප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් ඝාතනය කිරීම වැළැක්වීමේ අරමුණින් අමෙරිකාවේ මෙම ඉල්ලීමට එකඟ වූ බව අගමැතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කඳවුරු භාවිතයට අවසර දුන්නද, අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන සෘජු ප්‍රහාරක මෙහෙයුම්වලට බ්‍රිතාන්‍යය හවුල් නොවන බව ඔහු නැවතත් අවධාරණය කර තිබේ.
ඉරානයේ මිසයිල දියත් කිරීමේ හැකියාව මැඩපැවැත්වීම සඳහා තම රටවල පවතින අමෙරිකානු කඳවුරු භාවිතා කිරීමට ප්‍රංශය සහ ජර්මනිය ද සූදානමින් සිටින බව අගමැති ස්ටාමර් වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

