ආපදා කළමණාකරණ කමිටුවේ පෙර සුදානම
29 October 2026 | එස්.කේ .කාරියවසම්-නොච්චියාගම
ආපදා කළමණාකරණ කමිටුවේ පෙර සුදානම
29 October 2026 | එස්.කේ .කාරියවසම්-නොච්චියාගම
ඉදිරියේ ඇතිවිය හැකි ආපදා තතවයන්ට පෙර සුදානම් වීමේ අරමුණීන් නොච්චියාගම ප්රාදේශිය ආපදා කළමණාකරණ කමිටුවේ විශේෂ රුස්වීමක් ඊයේ (28) දින සවස නොච්චියාගම ප්රාදේශිය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්වුණි.
නොච්චියාගම සම්බන්ධීකරණ කමිටු සභාපති හා පාර්ලිමෙන්තු මංත්රී මහාචාර්ය සේන නානායක්කාර ප්රධානත්වයෙන් මෙම රුස්වීම පැවැත්විය.
ඉදිරියේදී ඇති විය හැකි ආපදාතත්වයන් සදහා මුහුණුදීම සදහා සැළසුම් කර ඇති ක්රමවේදයන් සාකච්ඡා කිරීමත්,හදිසි තත්වයක් තුලදී සියළු ආයතන සම්බන්ධීකරණය වෙමින් කටයුතු කලයුතු ආකරය ,පවතින සම්පත් හදුනාගැනීම ,එක් එක් අයතන ක්රියාත්මක විය යුතු ආකාරය පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කිරීම මෙහිදී සිදුවිය.
පෙර සුදානම් වීම හා ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත් ,දිගුකාලීනව පවතින ගැටළු අවම කරගැනීම සදහා ගතහැකි ක්රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරණ ලදි.
එක් එක් ආයතන විසින් කරුණු ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.
මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මංත්රී සේන නානායක්කාර මෙසේ පැවසිය .
''පසුගිය සමයේ අපදාවට ලක්වකැඩී බිදී ගිය වැව් ප්රතිසංස්කරණය කිරීමට රජය කඩිනම්න් මුදල් වෙන්කර අවශ්ය කටයුතු සිදු කලා.රජය විශ්වාස කලා ගොවි සංවිධාන හරහා ජනතාව එකතු වී මේ සදහා උපරිම සහය ලබා දෙයි කියා.නමුත් යුධ හමුදාව හා සිවිල් ආරක්ෂක බළකාය පමණයි මේ සදහා මහන්සි උනේ.නමුත් වන්දි ලබා ගැනීමට සහනාධාර ලබා ගැනීමට ගොවි සංවිධාන හරහා විශාල පිරිසක් එකතුවුනා.අපි සියළු දෙනා එකතු වුනොත් බොහෝ දේ වඩාත් හොදින් සිදු කල හැකියි.ඉදිරියේදී සියළු දෙනා දැනුවත් කර සුදුසු ලෙස කටයුතු කරමු.''

