brand logo
logo
ජනාධිපති නීතීඥ S. තුරෙයිරාජා ඒෂියා ඇසට් ෆයිනෑන්ස් හි ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස පත්වීම් ලබයි

ජනාධිපති නීතීඥ S. තුරෙයිරාජා ඒෂියා ඇසට් ෆයිනෑන්ස් හි ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස පත්වීම් ලබයි

03 August 2026


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ සීතාම්බරපිල්ලෙයි තුරෙයිරාජා මහතා පසුගියදා ඒෂියා ඇසට් ෆයිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂක මණ්ඩලය ශක්තිමත් කරමින් ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස පත්වීම් ලැබීය. එම නව පත්වීමත් සමඟ ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ ආයතනික පාලන රාමුව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට එම සමාගම විශ්වාසය පලකරයි. 


දශක පහමාරකට වඩා වැඩි කාලයක සිට මෙරට පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් රුපියල් බිලියන 50කට අධික වත්කම් පදනමක් සහිතව, දිවයින පුරා ශාඛා 100 කට අධික ශාඛා ජාලය හරහා සිය මෙහෙයුම් කටයුතු සිදුකරමින්, තිරසර මූල්‍ය පදනමක් සහිතව ශ්‍රී ලංකාවේ ස්ථාපිත මූල්‍ය සමාගමක් ලෙස ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් සිදුකළ මෙම පත්කිරීම එම සමාගමේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැක. ඉන්දියාවේ විශාලතම හා විශ්වාසනීයම මූල්‍ය සේවා සැපයුම් කරුවා වන මුතූට් ෆයිනෑන්ස් සමාගමේ මෙරට එකම අනුබද්ධිත ආයතනය ලෙස ඒෂියා ඇසට් පීඑල්සී සමාගම කටයුතු කරයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් A+ ස්ථානය හිමිකර ගනිමින් සිය මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගාගෙන ඇත. ඉන්දියාවේ මුතූට් සමාගමේ පූර්ණ පිටුබලය සහිතව ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පාරිභෝගික කේන්ද්‍රීය විශ්වාසනීය මූල්‍ය සේවාවක් සපයයි. මෙම නව පත්වීම හරහා එම ස්ථාවරත්වය තව දුරටත් ශක්තිමත් කරමින් මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රය නව මානයකට රැගෙන යෑමේ පෙරගමන්කරුවා බවට ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම නිතැතින්ම පත්වනු ඇත.    


ජනාධිපති නීතීඥ තුරෙයිරාජා මහතා නීති වෘත්තීය, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, අධිකරණ පරිපාලනය, නීති ප්‍රතිසංස්කරණ, පාලන හා නීති අධ්‍යාපනය වැනි අංශයන් හි දශක 4කට ආසන්න කාලයක් තිස්සේ ලබාගත් සුවිශේෂී අත්දැකීම් හා විෂය ප්‍රාමානිකත්වය ඒෂියා ඇසට් ෆයිනෑන්ස් අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ලබා දෙනු ඇත. මෙම නව පත්වීම හරහා සමාගමේ විනිවිදභාවය, සදාචාරාත්මක නායකත්වය හා යහපත් ආයතනික පාලනය සඳහා වන කැපවීම තවදුරටත් ශක්තිමත් වනු ඇත.    


2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම ලැබූ තුරෙයිරාජා මහතා 2025 වසරේදී මෙරට වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ගෞරවනීය සේවයක් ඉටු කළේය. සිය ප්‍රවීණත්වයත් අත්දැකීම් බහුල වගවීමක් හා වගකීමක් සහිත නීතිවේදියෙකු ලෙස සිය වෘත්තීයේ නියැලෙමින් මහජන හා ජාතික වැදගත්කමක් සහිත සුවිශේෂී මෙන්ම බැරෑරුම් ව්‍යවස්ථාමය තීරණයන් ඇතුළු විනිශ්චයන් 200 කට අධික ප්‍රමාණයක් එතුමාගේ ධූර කාලය තුළදී ප්‍රකාශයට පත්කර ඇත.


2019 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමට පෙර විනිශ්චයකාර තුරෙයිරාජා මහතා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු ලෙස සේවය කළේය. ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්‍යඨ තනතුරු කිහිපයක් දැරූ අතර, එය අතිරේක සොලිසිටර් ජනරාල් නිලය දක්වා රැගෙන ගියේය. නීතිය හා යුක්තිය පසඳලීම සඳහා ඔහු කළ සුවිශේෂී මෙහෙය අගයමින් 2019 වසරේදී ඔහුට ජනාධිපති නීතීඥ යන ගෞරවනීය පදවිය පිරිනමන ලදී.


මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේද ඔහුගේ කීර්තිමත් සේවය ලබා දී ඇත. ඒ අතරින් ෆීජි ජනරජයේ පුයිස්නේ විනිසුරුවරයකු ලෙසත් ෆීජි මහාධිකරණයේ නීතීඥවරයකු මෙන්ම සොලිසිටර්වරයකු ලෙස කළ සේවය විශේෂයෙන් පෙන්වාදිය හැක.


තුරෙයිරාජා මහතාගේ අධිකරණ සේවාවට පරිබාහිරව 2025 සැපැතැම්බර් මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස සේවය කිරීම ඇතුළුව අධිකරණ ක්‍ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු කිහිපයක් හොබවා ඇත. එමෙන්ම පොදු රාජ්‍යමණ්ඩලීය නීති අධ්‍යාපන සංගමයේ අනුශාසක ධූරයත් මුදල් විශුද්ධිකරණය පිලිබඳ ආසියානු පැසිපික් කලාපයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙසත් සිය දායකත්වය ලබා දී ඇත. ජාතික හා ජාත්‍යන්තර පත්වීම් හරහා රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති ප්‍රතිසංස්කරණ සඳහාද ඔහු නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දී ඇත. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීතිවේදී ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කීර්තිමත් ආදි විද්‍යාර්ථකයෙකි.


ඒෂියා ඇසට් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම ජනාධිපති නීතීඥ සීතාම්බරපිල්ලෙයි තුරෙයිරාජා මහතාගේ මෙම නව පත්වීම හරහා ආයතනයේ විශ්වාසනීයත්වය හා නියාමන ශක්තිය මෙන්ම තිරසර සංවර්ධනය සඳහා ඔහුගේ මග පෙන්වීම හා උපදේශකත්වය ඒෂියා ඇසට් ෆයිනෑන්ස් සමාගමේ අනාගත විශිෂ්ඨත්වය උදෙසා ඉවහල් වනු නොඅනුමානය.

 

More News..