'ඩුබායි සුද්දාගේ' ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදුම්කරු ඇතුළු සැකකරුවන් 7ක් අල්ලයි
08 May 2026
'ඩුබායි සුද්දාගේ' ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදුම්කරු ඇතුළු සැකකරුවන් 7ක් අල්ලයි
08 May 2026
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ඩුබායි සුද්දාගේ' මත්ද්‍රව්‍ය ජාවාරමේ බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන බෙදුම්කරු ඇතුළු සැකකරුවන් 7ක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය පැකට් කරන තිප්පොළක් වැටලූ අවස්ථාවේදී මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එහිදී රුපියල් ලක්‍ෂ 15කට අධික හෙරොයින් ග්‍රෑම් 50ක් හා අයිස් ග්‍රෑම් 25ක්, එම මත්ද්‍රවය පැකට් කිරීමට උපයෝගී කරගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොල, ජංගම දුරකථන 4ක්, මෝටර් රථයක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා අනෙකුත් උපකරණද මෙහිදී සිය භාරයට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
බණ්ඩාරගම, වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාට ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

