roadBlockAd
brand logo
logo
ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය

ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය

04 September 2024

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරියගේ අභාවයෙන් වසර 27කට පසුව තමන් ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බවට පවසන 8 හැවිරිදි දරුවෙක් සම්බන්ධව පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.


1997 වසරේ අගෝස්තු මස 31 වැනිදා පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය මෙසේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 


බිලී වයස අවුරුදු දෙකේදී තමන් පසුගිය ආත්මයේදී ඩයනා කුමරිය බව පවසමින් ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් මතක් කිරීමට පටන් ගත් බව ඔහුගේ පියා වන ප්‍රසිද්ධ රංගන ශිල්පී ඩේවිඩ් කැම්බල් ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.


බිලීගේ වයසේ පසුවන දරුවකු දැන සිටීමට කිසිදු හැකියාවක් නොමැති ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් සහ මතකයන් පිළිබඳ ඔහුට දැනීමක් තිබෙන බවද ඩේවිඩ් පැවැසුවේය.


බිලී ඩයනාගේ ජීවිතය පිළිබඳ පවසන තොරතුරු ඉතාමත් නිවැරදි බවත් බොහෝ දෙනා ඉන් පුදුමයට පත් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.


බිලී කැම්බල් ඩයනා කුමරියට ජීවිතය අහිමිවූ මෝටර් රථ අනතුර පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු මෙන්ම බැල්මොරල් මාළිගාව පිළිබඳව තොරතුරුද හොඳින් දන්නා බවත් තමා සහ බිරිඳ ඉන් කම්පනයට පත්වූ බවත් ඩේවිඩ් කැම්බල් පැවැසුවේය.

 

More News..