පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්
26 June 2024
පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්
26 June 2024
මූතූර් පොලිස් වසමේ මූතූර් 5 ප්‍රදේශයේ දී පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (25) සවස ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් පාසලේ අමතර පන්තියකට සහභාගී වී ඇති බවය.
එහිදී පාසලට යාබඳ නිවසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පාසල් සිසුන්ට හා ගුරුවරයාට බඹරු දෂ්ඨ කර ඇත.
එහිදී සිසුන් 22ක් හා සිසුවියන් 8 දෙනෙකු මෙන්ම ගුරුවරයා ද මූතූර් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබයි.