තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්
25 September 2026
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්
25 September 2026
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එය අද (25) පස්වරු 10.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්දියාවේ දකුණු ඔඩිෂා ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය උතුරට බරව වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා දුර්වලවී ඇත.
එය ඉදිරි පැය 24 තුළ ද උතුරට බරව වයඹ දෙසට දිගටම ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වලවීමට බොහෝදුරට ඉඩ ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

