brand logo
logo
වියළි කාලගුණයෙන්  දෙහි වගාවන්ට දැඩි හානි

වියළි කාලගුණයෙන් දෙහි වගාවන්ට දැඩි හානි

18 September 2026 | ජයන්ත වීරසේකර - වැල්ලවාය

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.


වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරුණගම ප්‍රදේශයේ වගා කර තිබූ අක්කර ගණනක දෙහි වගාවන් රැසක් මෙම වියළි කාලගුණය නිසා දැනටමත් විනාශ වී ඇත.


අස්වැන්න නෙලමින් සිටි දෙහි වගාවන්ද මේ වන විට නියඟයට හසු වී විනාශ වෙමින් පවතින අතර මෙලෙස දෙහි වගාවන් විනාශ වීමත් සමග ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩිලෙස පීඩාවට පත් වී තිබේ.


වසර ගණනාවකට පසු වැල්ලවායට බලපෑ දරුණුම නියං කාලගුණයට මේ වන විට වැල්ලවාය ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙමින් සිටී.


 

More News..