නේපාලයේ තවත් හදිසි ජලගැලීමක් ගැන අනතුරු ඇඟවෙයි
27 August 2026
නේපාලයේ තවත් හදිසි ජලගැලීමක් ගැන අනතුරු ඇඟවෙයි
27 August 2026
නේපාලයේ සහ ටිබෙටයේ දැඩි විනාශයක් සිදුකළ හදිසි ගංවතුර තත්ත්වය පිළිබඳව, ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය (ICIMOD) විසින් සවිස්තරාත්මක ඇගයීම් වාර්තාවක් නිකුත් කර තිබේ.
ගංගා පද්ධති වෙත ගසාගෙන ආ සුන්බුන් හේතුවෙන් තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම වාර්තාව මගින් විශේෂඥයෝ අනතුරු අඟවති.
ට්‍රිෂුලි (Trishuli) ගඟේ පටු කොටස්වල තාවකාලික අවහිරතාවක් ඇති වී තිබේද යන්න පිළිබඳව තමන් මේ වන විටත් පරීක්ෂා කරමින් සිටින බව එම වාර්තාවේ සඳහන් විශේෂඥයෝ පවසති.
යම් හෙයකින් එවැනි අවහිරතාවක් ඇති වී ඇත්නම්, නායයෑමක් හේතුවෙන් ඇති වන වේල්ලක් (landslide dam) නිර්මාණය වීමේ සහ ඉන් දෙවන ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී.
එවැනි අවහිරතා ඇති වීමේ හැකියාවක් පවතී නම්, ඒවායේ ප්‍රමාණය, පිහිටීම සහ ස්ථායිතාව පිළිබඳව තවදුරටත් ඇගයීම් සිදු කිරීමට බලධාරීන් සහ විද්‍යාඥයින් කටයුතු කරමින් සිටියි.

