brand logo
logo
ප්‍රධාන ජලාශවල ජල මට්ටම 35%ක් දක්වා පහළට

ප්‍රධාන ජලාශවල ජල මට්ටම 35%ක් දක්වා පහළට

23 August 2026 | සුනිල් රූපසිංහ පල්ලේපොල



ජල වාෂ්පීකරණය සහ අධික උෂ්ණත්වයෙන් ප්‍රධාන ජලාශ 74 හි සමස්ත

ජලධාරිතාවය සියයට 35.9ක් දක්වා පහළ ගොස් තිබෙන බව වාරි මාර්ග

දෙපාර්තමේන්තුව සදහන් කරයි. 


අම්පාර, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ස්ත්‍රික්කවල ජලාශවල ජල මට්ටම අවම අගයකට පහළ ගොස් තිබෙන බව අධ්‍යක්ෂ (ජල කළමණාකරන) ඉංජිනේරු ඒච්.ඒම්.පී.ඒස්.ඩී.හේරත් පැවැසීය.


අස්වනු නෙළීම අවසන් වෙමින් ඇති යල කන්නයේ ඉතිරි වී සහ අතිරේක ආහාර භෝග

වගාවට ජලය ප්‍රමාණවත් වනු ඇති බවත් පුරෝකථනවලට අනුව ඉදිරි වර්ෂාව ලැබෙන

තෙක් පානීය ජලය සදහා පවතින ජලය ප්‍රමාණවත් වනු ඇති බව හෙතෙම පැවැසීය.


අක්කර අඩි 770012ක් ගබඩා කෙරෙන අම්පාර සේනානායක සමුද්‍රයේ

ජලධාරිතාවය අක්කර අඩි 44160ක් දක්වා සියයට 18.7කක් දක්වා පහළ ගොස් තිබේ.

අක්කර අඩි 104014 ක් ගබඩා කෙරෙන පොලොන්නරුව කවුඩුල්ල ජලාශයේ ජල ධාරිතාවය

අක්කර අඩි 26660ක් දක්වා සියයට 22.2ක් දක්වා පහළ ගොස් ඇත.


පවතින දැඩි පෑවිල්ල සහ සුළං සහිත කාලගුණ රටාවට අනුව ජලාශවලින් සිදුවන

ජල වාෂ්පීකරණය ඉහළ ගොස් ඇති බවත් සීමිත ජලය ඉතාම අරපිරිමැස්මෙන් පරිහරණය

කිරීමට ගොවීන් සහ ජල පාරිභෝගිකයෝ උනන්දුවිය යුතු බව අධ්‍යක්ෂවරයා අවදාරණය

කරයි.


ඉදිරි ඔක්තොම්බර්, නොවැම්බර් මාසවලදී වර්ෂාව අපේක්ෂා කරන බැවින් පානීය

ජලය සැපයීමේ අවදානමක් නොමැති නමුත් දෛනික කටයුතු සදහා පමණක් සැපයෙන ජලය

පරිහරණය ඉතාම වැදගත් බව පෙන්වාදෙති.


මේ අතර රටපුරා කුඩා වැව්,අමුණු සහ මධ්‍යම දස දහසකට ආසන්න ප්‍රමාණයක

ජලධාරිතාවය සියයට 30ට වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් තිබෙන අතර උතුරු,

උතුරු මැද, ඌව පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා වැව් සහ මධ්‍යම ජලාශ

රැසක් මේ වනවිට සිදී ගොස් ඇත.


පානීය නළ ජලය ගෙවතු අලංකරණය, මල් පැලවලට, වහාන සේදීමට හෝ ඒවැනි

කටයුතු වලට පාවිච්චි කිරීමෙන් වළකින ලෙසත් ගෘහස්ත ජල පරිභෝජනය

කළමණාකරනය කිරීම වඩා වැදගත්වනු ඇති බව දෙපාර්තමේන්තුව පැවැසීය.

 

More News..