තණමල්විලදී අක්කරයක ගංජා හේනක් පවත්වාගෙන ගිය දෙදෙනෙකු සහ සහ ගෝඩා ලඟ තබා ගත් අයෙකු අත්අඩංගුවට
19 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
තණමල්විලදී අක්කරයක ගංජා හේනක් පවත්වාගෙන ගිය දෙදෙනෙකු සහ සහ ගෝඩා ලඟ තබා ගත් අයෙකු අත්අඩංගුවට
19 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
තණමල්විල පොලිස් වසමේ සිදුකළ විශේෂ ඒකාබද්ධ වැටලීම් දෙකකදී අක්කරයක මහා පරිමාණ ගංජා වගාවක් පවත්වාගෙන ගිය දෙදෙනෙකු සහ ගෝඩා තොගයක් ලඟ තබා ගත් අයෙකු ඊයේ (18) වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.
මොනරාගල කොට්ඨාශ විෂ මත්ද්රව්ය අංශයේ උ.පො.ප රාජමුණි සහ කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙම වැටලීමේදී සෙවනගල කිරිවැව ප්රදේශයේ අක්කර 01 උස අඩි 07 පමණ වන ගංජා ගස් 20,160 සමඟ සෙවනගල, කරිවැව පදිංචිකරුන් දෙදෙනෙකුද, කිරිවැව උස්බිම්වැලිආර ප්රදේශයේදී පදිංචිකරුවෙක් ගෝඩා මිලිලීටර් 175,000 (ලීටර් 175) සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
ගංජා වගාව කපා කොටා පුළුස්සා විනාශ කර ඇති අතර සැකකරුවන්, ගෝඩා සහ ගංජා ගස් වලින් කොටසක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තණමල්විල පොලීසියට භාරදී ඇත.

