brand logo
logo
ජාත්‍යන්තර සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරකුමාර දිවයිනට

ජාත්‍යන්තර සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරකුමාර දිවයිනට

26 July 2026


මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සම්මාන දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරකුමාර අද (26) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.


09 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල - 2026 (9th Golden Globe Award - 2026) ලෙස පැවති මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී “රිවස්ටන්” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේය.


එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රියන්ත සිරකුමාර හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගෙන ඇත.


ඔවුන් දෙදෙනා අද පස්වරු 4.01ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.


ඔවුන් පිළිගැනීම සඳහා “රිවස්ටන්” චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.


මෙම සම්මාන උළෙලේ විශේෂත්වයක් වන්නේ ලොව විවිධ සිනමා සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර වූ සිනමා නිර්මාණ පමණක් ඊට සහභාගි කර ගැනීමයි.

 

More News..