රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්රව්ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
25 October 2026
රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්රව්ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
25 October 2026
අයිස් මත්ද්රව්ය තොගයක් සමග සැකකරුවෙකු නුගෝගොඩ කොට්ඨාස විෂ මත්ද්රව්ය අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
"ටිලංක" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මෙම සැකකරු සන්තකයේ තිබී එහිදි අයිස් මත්ද්රව්ය කිලෝවකට ආසන්න ප්රමාණයක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
එමෙන්ම සැකකරු මත්ද්රව්ය ජාවාරම සිදු කිරීම සඳහා භාවිත කරන ලදැයි සැක කෙරෙන මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී නිලදාරීන් භාරයට ගෙන ඇති මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වන බවය.
පොලිසිය පැවසුවේ සැකකරු පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් සැකකරු විසින් අලුත්ගම ප්රදේශයේ සිට දැනට විදේශගතව මත්ද්රව්ය ජාවාරම සිදුකරන අසාම් මොහොමඩ් යන අයගේ මත්ද්රව්ය බෙදා හැරීමේ කොළඹ දිස්ත්රික්කය ආවරණය වන පරිදි ක්රියාත්මක කරන අයෙකු බවටත් විමර්ශන නිලධාරීන් මෙහිදි කරුණු අනාවරණය කරගෙන ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු හා නඩු භාණ්ඩ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග ලබා ගනිමින් වැඩිදුර විමර්ශන කිරීමටද තීරණය කර ඇත.

