brand logo
logo
 හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් - ඉරානය

හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් - ඉරානය

11 July 2026


හෝමුස්හිදී වාණිජ නෞකා තුනකට පසුගියදා එල්ලවූ ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බවට, ඉරානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින්ට පෞද්ගලිකව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.


අදාළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ඉරානයට අවස්ථා දෙකකදී දැවැත්ත ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් දේපොළ හානි රැසක් සිදුවිය.


කෙසේ නමුත් එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයද මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකර තිබුණි.


එවන් පසුබිමක ඉරානය අදාළ ප්‍රහාරය අත්වැරැද්දක් බවට පිළිගත් බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත.


ඉරානය පවසා ඇත්තේ වානිජ නෞකාවලට ප්‍රහාර එල්ලකර ඇත්තේ, සාම සාකච්ඡා අඩපණ කිරීමේ උනන්දුවෙන් සිටින කණ්ඩායමක් විසින් බවය.


දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවල කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව ඇති බවට ඉරානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බවත්, වාණිජ නැව්වලට වෙඩි තැබීම නවත්වන බවට ප්‍රතිඥා දිය යුතු බවටත් අමෙරිකාව පවසා තිබේ.


කෙසේ නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වය නොතකා සාකච්ඡා අඛණ්ඩ කරගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බවද ට්‍රම්ප් පවසා තිබේ.


 

More News..