brand logo
logo
විදේශ නිවාඩු ගත් රජයේ සේවකයින්ට දැනුම්දීමක්

විදේශ නිවාඩු ගත් රජයේ සේවකයින්ට දැනුම්දීමක්

10 September 2024 | චාමර පල්ලේගෙදර

විධිමත් විදේශ නිවාඩු දීර්ඝ කිරීමක් නොමැතිව අනුමත නිවාඩු කාල සීමාව අවසානයේ නියමිත දිනට සේවයට වාර්තා නොකරන රාජ්‍ය නිලධාරීන් තනතුර අතහැර ගියා සේ සැලකීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


ඒ අනුව අදාළ නිලධාරීන්ට තනතුර අතහැර යාමේ නිවේදන කඩිනමින් නිකුත් කරන ලෙසත් නැවත සේවයට වාර්තා කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවටත් එම අමාත්‍යාංශය ආයතන බලධාරීන්ට උපදෙස් දී තිබේ.


අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්නගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් මේ බව දැනුම් දී තිබේ.


එම චක්‍රලේඛයට අනුව අනුමත කරන ලද විදේශ නිවාඩුවක් දීර්ඝ කරවා ගැනීමට ඉල්ලීමක් කරන්නේ නම් ඒ සඳහා මුල් විදේශ නිවාඩු කාලය අවසන් වීමට පෙර ඉල්ලුම් කළ යුතු වේ.


මෙලෙස විදේශගත වන ඇතැම් නිලධාරින් අනුමත විදේශ නිවාඩු කාල සිමාව ඉක්මවා නැවත දිවයිනට පැමිණ සේවයට වාර්තා කිරීමේ ප්‍රවණතාවක් තිබීම හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.


එමෙන්ම නිවාඩු දීර්ඝ කිරීමක් ඉල්ලා තිබුණද එහෙත් මුල් විදේශ නිවාඩු කාල සිමාව අවසන් වීමට පෙර නිවාඩුව දීර්ඝ කිරීම සඳහා අනුමැති ලබා දී නොමැති නම් අදාළ නිලධරයා වහාම සේවයට වාර්තා කළ යුතු වේ.

 

More News..