සමාජ මාධ්‍ය භාවිතයෙන් 10 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන් 60%කට දැඩි ආතතිය
02 September 2026 | වරුණි පෙරමුණ
සමාජ මාධ්‍ය භාවිතයෙන් 10 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන් 60%කට දැඩි ආතතිය
02 September 2026 | වරුණි පෙරමුණ
දෛනිකව සමාජ මාධ්‍ය භාවිතයේ නිරතවීම හේතුවෙන් මෙරට පාසල්වල දහවැනි ශ්‍රේණියේ සිට දහතුන්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 60.1% පිරිසක් දැඩි මානසික ආතතියෙන් පෙළෙන බව පර්යේෂණයකින් අනාවරණය වෙයි.
කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව සිදුකළ පර්යේෂණයකට අනුව පාසල් සිසුන්තුළ පවතින මෙම ආතති තත්ත්වය පිළිබඳ හඳුනාගෙන ඇත.
දහවැනි ශ්‍රේණියේ සිට දහතුන්වැනි ශ්‍රේණියේ පාසල් සිසුන් මෙසේ දැඩි මානසික ආතතියෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් සියයට 24.1% පිරිසකට සායනික මට්ටමේ විශාද ලක්ෂණ පවතින බවද අනාවරණය වෙයි. දිනපතා සමාජ මාධ්‍ය භාවිතය සේම අධ්‍යපානය තුළ ඇති පීඩාව, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම සහ පවුල් පසුබිම් තුළ ඇති විවිධාකරයේ ගැටලුද මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ළමා මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසති.
විශේෂයෙන්ම වයසින් වැඩි සිසුන් සහ ගැහැනු ළමයින් මින් වැඩිපුර පීඩාවට පත්ව ඇති බවටද මෙම සමික්ෂණයේදී අනාවරණය වී ඇත. සිසුන්ගේ මෙම මානසික සෞඛ්‍ය අභියෝගයට විසඳුම් සෙවීම සඳහා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා දීම, පාසල් හා ජාතික මට්ටමින් ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කළ යුතු බව මෙම සමීක්ෂණය සිදුකළ මනෝ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

