නොවැම්බරයේ ගතවූ දින 22ට විදෙස් සංචාරකයින් 156,000කට අධික පිරිසක් දිවයිනට
24 November 2026
නොවැම්බරයේ ගතවූ දින 22ට විදෙස් සංචාරකයින් 156,000කට අධික පිරිසක් දිවයිනට
24 November 2026
නොවැම්බර් මාසයේ ගතවූ දින 22 තුළ විදෙස් සංචාරකයින් 156,627 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙයි.
එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 47,338කි. එය සමස්ත පැමිණීම්වලින් සියයට 30කට ආසන්න ප්රතිශතයකි.
දෙවන ස්ථානයට රුසියාව පත්ව ඇති අතර, එරටින් සංචාරකයින් 14,744 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
එමෙන්ම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,628ක්, ජර්මනියෙන් 9,504ක් සහ චීනයෙන් 8,640ක් එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම සංඛ්‍යාලේඛනවල දැක්වේ.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,018,931ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම කාලසීමාව තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන ඇති අතර, එම සංඛ්‍යාව 546,963කි.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 183,757 දෙනෙකු පැමිණ දෙවන ස්ථානයට පත්ව ඇති අතර, චීනයෙන් 132,380ක් සහ ජර්මනියෙන් 114,809ක් ලෙස සංචාරක පැමිණීම් වාර්තා වී තිබේ.
එම ලැයිස්තුවේ පස්වන ස්ථානය රුසියාවට හිමිව ඇති අතර, එරටින් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 104,485කි.


