brand logo
logo
Clean Sri Lanka ගැන රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීම ආරම්භ කරයි

Clean Sri Lanka ගැන රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීම ආරම්භ කරයි

10 January 2025 | භාතිය ජයවීර



Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ සියළුම රාජ්‍ය සේවකයින් ජනවාරි 22 දින වනවිට දැනුවත් කර අවසන් කරන බව Clean Sri Lanka ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ දුලිප් සොමිරත්න අද (10) සඳහන් කළේය.


ඒ මහතා මේ බව සඳහන් කළේ එම වැඩසටහන යටතේ සබරගමු පළාත් රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමිණි.


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් Clean Sri Lanka ව්‍යාපෘතිය මෙම මස 01 දින ආරම්භ කළ අතර, ඒ පිළිබඳව රාජ්‍ය සේවය දැනුවත් කිරීම මේ දිනවල දිවයින පුරා සිදු කරයි.


ඒ අනුව මෙම මස 09 සහ 10 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සියළුම පළාත් සභා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් දැනුවත් කරන බව දුලිප් සොමිරත්න මහතා මෙහිදී පැවසීය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුලිප් සොමිරත්න පැවසුවේ මෙම මස 22 දින වනවිට ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සේවකයින් Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කරන බවය.


Clean Sri Lanka ව්‍යාපෘතියෙහි අරමුණ ආචාරධර්මීය ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීමට වඩාත් පිරිසිදු භෞතික පරිසරයක් සහ රට පුරා සදාචාරාත්මක කැපවීමක් සඳහා ආමන්ත්‍රණය කිරීම වේ. 


Clean Sri Lanka ව්‍යාපෘතියේ මෙහෙවර පරිවර්තනය, ඒකාබද්ධතාව සහ සහයෝගිතාව හඳුන්වා දීම තුළින් පාරිසරික, සමාජීය සහ පාලන මුල්පිරීම්හි දීපව්‍යාප්ත ප්‍රයත්න ප්‍රතිස්ථාපනය කිරීමය.


මෙම වැඩසටහන රත්නපුර පුස්සැල්ල පිහිටි කළමනාකරණ, සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 

 

More News..