brand logo
logo
තෙබුවන වතු නිවාස පෙළකට විශාල ගසක් කඩා වැටෙයි

තෙබුවන වතු නිවාස පෙළකට විශාල ගසක් කඩා වැටෙයි

26 October 2026


පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුතර, තෙබුවන, මාබඩවත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළක් මතට විශාල ගසක් කඩා වැටී තිබේ.


ගස කඩා වැටීම හේතුවෙන් වතු නිවාස පෙළේ පවුල් පහක් දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි.


දෙමළ පවුල් 13ක් ජීවත් වන මෙම නිවාස පෙළ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 809A තෙබුවන බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් වේ.


සිද්ධියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අතරතුර, කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය සහ දොඩංගොඩ ප්‍රාදේශීය සභාව එක්ව කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරමින් සිටී.

 

More News..