සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්ට ඇප
07 February 2026
සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්ට ඇප
07 February 2026
සිංහරාජ රක්ෂිතයේ ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.බී. දසනායක මහතා විසින් නියෝග කර ඇත.
එමෙන්ම සැකකරුවන්ට එරෙහි නඩුව මාර්තු 26 වැනි දිනට යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
සැකකරුවන් දෙදෙනා ඊයේ (06) දිනයේදී කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

